Back to photostream

මෙරට ජපන් තානාපති (H.E. Mr Kenichi Suganuma) කෙනචි සුගනුමා මහතා හමුව

සාම්පූර් බලාගාරයේ දෙවන අදියර ඉදිකිරීම් වෙනුවෙන් ජපාන රජයේ පූර්ණ සහයෝගය..

 

ප්රධාන ජාලයට මෙගාවොට් 1000ක ධාරිතාවයක් සැපයීමට නියමිත සාම්පූර් බලාගාර ව්යපෘතිය, මෙගාවොට් 500 බැගින්වන බලාගාර 2ක් යටතේ ඉදිවන අතර පළමු අදියර ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ඉන්දියානු රජයේ සහයෝගය මේ වනවිටත් පළකර තිබේ. මෙහි දෙවෙනි අදියර ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තම රටේ පූර්ණ සහයෝගය ලබාදෙන බව, ජපන් රජයේ තානාපති කෙනචි සුගනුමා මහතා (H.E. Mr. Kenichi Suganuma) අවධාරණය කළේය. තානාපතිවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සමග එම අමාත්යාශ පරිශ්රයේ පැවති සාකච්ඡුාවකදීය.

 

දෙරට අතර පැවති මෙම ද්වීපාර්ශවීය සාකච්ඡුාවට ජපන් රජය වෙනුවෙන් එරට තානාපති (H.E. Mr. Kenichi Suganuma) කෙනචි සුගනුමා මහතා සහ ජපාන සංවර්ධන සහයෝගිතා අංශයේ ප්රධාන ලේකම් (Mr. Kiichirol Lwase) මහතා සහභාගී වූ අතර ශ්රී ලංකා රජය වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය.

 

ලොව තාප බලාගාර සම්බන්ධව මේ වනවිට පවතින නවීනතම තාක්ෂණය, සාම්පූර් බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් යොදා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව මෙහිදි අවධාරණය කළ ජපාන තානාපතිවරයා, වඩාත් පරිසර හිතකාමී ව්යාපෘතියක් ආකාරයෙන් සාම්පූර් බලාගාර ව්යාපෘතිය ක්රියාවට නැංවීමටද අදහස්කර සිටින බව පැවසීය.

 

සාම්පූර් බලාගාර ව්යාපෘතිය සඳහාවන මූලික ශක්යතා අධ්යයන වාර්තාව මේ වර්ෂය අවසන්වීමට ප්රථම ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ලබන වසරේදී ව්යාපෘති ඉදිකිරීම් ආරම්භක සැලසුම් ක්රියාත්මක කිරීමට නියමිත බවද මෙහිදී ජපාන තානාපතිවරයා විසින් පවසන ලදී..

310 views
0 faves
0 comments
Uploaded on April 28, 2016
Taken on April 26, 2016